මෙම දිය ඇල්ල ලුණුගල නගරයේ සිට බිබිල දෙසට කිලෝමීටර් 3 ක් පමණ දුරින් පිහිටා ඇත. බදුල්ල සිට බිබිල මාර්ගයේ පස්සර සහ ලුනුගල පසුකර ගමන්කිරීමෙන් මෙම දිය ඇල්ලට ළඟා විය හැකිය. ප්රධාන මාර්ගයට ඉතා සමීපව පිහිටා තිබුණත් එය ගස්වලින් ආවරණය වී ඇති බැවින් එය මාර්ගයේ සිට පැහැදිලිව දැකිය නොහැකි ය. නමුත් ප්රධාන මර්ගයේ ඇති පුවරුවක් මගින් ස්ථානය නිවැරදිව දැකගත හැකිය. ප්රධාන මාර්ගයේ (A5) සිට මෙම දිය ඇල්ල වඩා හොඳින් දැකගැනීම සඳහා ඔබ පෞද්ගලික ඉඩමක් හරහා ගමන් කළ යුතුය.
- Arawakumbura Ella
- Arawakumbura Ella
මෙම දිය ඇල්ල මීටර් 40 ට වැඩි උසකින් යුක්ත වේ. සුප්රසිද්ධ දුන්හිඳ දිය ඇල්ල සිහිපත් කරමින් “පුංචි දුන්හිඳ” ලෙස ද හැඳින්වේ. නියඟය තුළ පවා මෙම ඇල්ල ජලයෙන් පොහොසත් වෙයි. මෙම දිය ඇල්ලේ මූලාරම්භය ගල් ඔයේ ශාඛාවක් වන ඉබ්බන් ඔයයි. එය ලුනුගල කඳු වැටියෙන් ඇරඹෙයි.
ප්රධාන මාර්ගයෙන් ආරම්භ වන අතුරු මාර්ගයකින් ඔබට දිය ඇල්ලේ ඉහළට යා හැකි ය. ගලා බසින දිය ඇල්ලේ ආරම්භක ස්ථානයට මීටර් 20 ක් පමණ පෙර ආරක්ෂිත නාන ස්ථානයජ් දැකිය හැකිය. නමුත් දිය ඇල්ලේ මුදුන අතිශයින්ම භයානක වන අතර, ලිස්සන සුලු ගල් මතුපිට එහි අනාරක්ශිත බව වැඩි කරයි.