බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති පැරණි විහාරස්ථානයකි.
මෙම විහාරයේ වැදගත් කාරණා කිහිපයක් තිබේ. එකක් ගුහාව තුළ ඇති පැරණි බිතු සිතුවම් වේ. ඒවා මහනුවර යුගයට අයත් වේ. මෙම ලෙන් විහාරය මෙම විහාරයේ ඉතා ආකර්ශනීය කොටසකි.
දෙවන වැදගත් කොටස වන්නේ පුරාණ බුද්ධ ප්‍රතිමාවයි. එය මීටර් 12 ක් පමණ උසය. එය සම්පූර්ණයෙන් නිම වී නැත. ජන කථා වලට අනුව වලගම්බා රජුට යුධ සමයේදී එය අවසන් කළ නොහැකි විය.
මෙම විහාරයේ සිට උමඟක් ඇත. නමුත් අවාසනාවකට, එම උමං මාර්ගයේ ආරම්බය කොන්ක්‍රීට් දමා වසා ඇත. නමුත් පුරාවිද්‍යාඥයන්ට වැඩි අවධානයක් යොමු කළ හැකි නම් මේ පිලිබඳ වැඩිදුර ගවේශනය කල හැකි ය. ජන කතා වලට අනුව; රාවණා ඇල්ල දිය ඇල්ලට ආසන්නව පිහිටා ඇති රාවණා ඇල්ල විහාරය යනුවෙන් හැඳින්වෙන තවත් විහාරස්ථානයක් දක්වා එම උමග විහිදෙයි.
- The Buddha statue
- Frescoes at Dova temple
- Frescoes at Dova temple