මෙය නාවලපිටිය ආසන්නයේ ඇති ඉතා ආකර්ශනීය දිය ඇල්ලකි. නාවලපිටිය – තලවාකැලේ මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙම දිය ඇල්ල දැකගත හැකිය.
- Kediyanlena Ella / Ketabula Ella
දිය ඇල්ල අදියර තුනක් ලෙස කඩා හැලෙයි. දිය ඇල්ලේ තුන්වන කොටසට ඉහලින් ආරුක්කු තුනක් සහිත පාලමක් ඇති අතර ඒ මතින් නාවලපිටිය – තලවකැලේ මාර්ගය පිහිටා ඇත. එමනිසා ඔබට මාර්ගයේ සිට දැක ගත හැකි වන්නේ දිය ඇල්ලේ මාර්ගයෙන් ඉහළ කොටස් දෙකක පමණයි. නමුත් පාලමට අඩි 100 ක් පමණ ඔබ්බෙන් ඇති අඩි පාරක ගමන් කිරිමෙන් මාර්ගයෙන් පහත සිට දිය ඇල්ලේ සම්පූර්ණ දර්ශනය දැකගත හැකිය.
දිය ඇල්ල පිහිටා ඇති ගමේ නාමයෙන් කඩියන්ලෙන යන නම ලැබී ඇතැයි සැලකිය හැකිය. අසල පිහිටි තේ වත්තේ නමින් කැටබුලා ඇල්ල ලෙසද හැඳින්වේ.