මෙය ඉතා අලංකාර, නමුත් කැළයේ සැඟවී ඇති දිය ඇල්ලක් වේ. බඹරකන්ද දිය ඇල්ලෙන් කිලෝ මීටර් 1 ක් දුරින් පිහිටා ඇත. දිය ඇල්ලේ උස අඩි 30 ක් පමණ වේ.
බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන විට කළුපහන හන්දියෙන් වම් පැත්තට ඇති කුඩා මාර්ගයට හැරෙන්න. එම මාර්ගයේ කි.මී. 4 ක් පමණ ගමන් කිරීමෙන් පසු වම් පසින් ප්‍රසිද්ධ බඹරකන්ද දිය ඇල්ල දැක ගත හැකිය. ඔබේ වාහනය නවතා තැබීමට කුඩා ඉඩකඩක් තිබේ. දිය ඇල්ලට ලඟාවීමට ඔබ අඩි පාරේ ගමන් කළ යුතුය. එම මාර්ගය බඹරකන්ද දිය ඇළ වෙත යොමු කරයි. එමනිසා ඔබ බඹරකන්ද දිය ඇල්ලට ළඟාවීමෙන් පසු පයින් ගස් දෙසට වම් පැත්තට හැරිය යුතුය. එහිදී ඔබට පයින් වනාන්තරය සහ සවානා හරහා කි.මී. 1 ක් පමණ ගමන් කළ යුතුය. මීටර් 500 ක් පමණ ඇවිදීමෙන් පසු දිය ඇල්ලේ ඉහළ කොටස ඈතින් දැකිය හැකිය.
කඳු වැටිය සහ සැවනා හා වනාන්තරවලින් ආවරණය වූ හරිතමය ප්‍රදේශය ඉතා අලන්කාරය. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයේ වායුගෝලයේ සුළඟක් ඇත.
ලංකා ඇල්ල එහි ප්‍රධාන ජල තටාකයේ හැඩය අනුව එම නාමය ලබාගත්තේය. ඔබ වැඩි අවධානයක් යොමු කරන්නේ නම් එහි ශ්‍රි ලංකා සිතියමේ හැඩය හඳුනා ගැනීමට අපහසු නැත.
එම තටාකය ගැඹුරු වන අතර ඒ නිසා එය නෑමට සුදුසු නොවේ.
- Lanka Ella
- Lanka Ella – View from a distance
- Lanka Ella – First view from a distance
- Lanka Ella – View from a distance
- Lanka Ella – Surrounding forests