මෙය බඹරකන්ද දිය ඇල්ලට ආසන්නයේ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ දිය ඇල්ලකි. මෙම දිය ඇල්ලේ ජල පෝශකය වන්නේ මණ්ඩලය හෝර්ටන් තැන්නයි. වනාන්තර වලින් වටවී ඇති බැවින් මෙහි ජලය ඉතා පිරිසිදු හා පැහැදිලි වේ.
දිය ඇල්ල ඉදිරිපස පොකුණ ගැඹුරු නොවේ. එබැවින් එය නෑම සඳහා ආරක්ෂිත ස්ථානයකි.
මෙම දිය ඇල්ලට ලඟාවීමට ඔබ බඹරකන්ද දිය ඇල්ලට යන මාර්ගය අනුගමනය කළ යුතු අතර එම දැවැන්ත දියඇල්ලට පෙර පයිනස් කැලය දෙසට ගමන් කළ යුතුය. එම අඩි පාරේ මීටර 500 ක පමන දුරක් ගමන් කිරීමෙන් පසු මාර්ගය එකට බෙදේ. ඉහළ ඇති මාර්ගය යාලතැන්න දිය ඇල්ලට යන අතර පහළ ඇළ මාර්ගය ලංකා ඇල්ලට යොමු කරයි.
බඹරකන්ද සහ ලංකා ඇල්ල දියඇළි ගැන වැඩි විස්තර මෙම වෙබ් අඩවියේ ඇත.
- Yalathenna Waterfall
- Surroundings
- On the way…
- The journey was not much easy
- Savanna